සමාජවාදී තරුණ සංගමයේ 84ක් අත්අඩංගුවට


(ශාන්ත රත්නායක)

සමාජවාදී තරුණ සංගමය අද 24 කොළඹ දී සංවිධානය කර තිබු විරෝධතාවක් අතරතුර කලහකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් 84 දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ

කොළඹ පුරහල අසළින් ගමන් ආරම්භ කළ පා ගමන කොළඹ කොටුව දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබුණු අතර කෙසේ වෙතත් විරෝධතාකරුවන් ඩීන්ස් පාර ඔස්සේ මරදාන දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමේදී පොලිසිය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී කඳුළු ගෑස් සහ අධි අධි පීඩන ජල ප්‍රහාර එල්ල කරමින් පාගමන විසුරුවා හැරීමට පියවර ගත්තේය

මේ අතර සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග  ගුණසේකර ද අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව සදහන් වේ

අරගලයේ නව ජවයක් තරුණ බලය යළි කොළඹට යන තේමාව යටතේ මෙම පා ගමන සංවිධානය කර තිබිණි