සමෘද්ධි උද්ඝෝෂණයෙන් පාර්ලිමේන්තු පාර වැසෙයි


(ජයමාල් චන්ද්‍රසිරි)

සමෘද්ධි කප්පාදුවට එරෙහිව සමෘද්ධි නිලධාරීහු අද(31) පාර්ලිමේන්තු පාරේ විරෝධතාවයක් ආරම්භ කළ අතර මේ හේතුවෙන් එම මාර්ගය වසා දැමීමට පොලිසිය කටයුතු කර ඇත.

උද්ඝෝෂකයෝ පාගමනින් පාර්ලිමේන්තුව දෙසට යෑමට උත්සාහ කළ අතර පොලිසිය මාර්ග බාධක යොදා ඔවුන් වළක්වනු ලැබිණි.