සමෘද්ධි නිලධාරී සංගමයේ සම්මේලනය කොළඹදී


(ශාන්ත රත්නායක)

ලංකා සමෘද්ධි සංවර්ධන නිලධාරි සංගමයේ 20 වැනි ජාතික මහ සම්මේලනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාගනයේදී පැවැත්විණි.

එහිදී සමෘද්ධි සංවර්ධන නිලධාරින්ට මහින්ද රාජපක්ෂ මහතා අතින් සමරු තිලිණ ප්‍රදානය කෙරිණි.