සයිටම් ජනසතු කරන්නැයි අදත් විරෝධතා


(සෙනරත් බණ්ඩාර)

මාලබේ සයිටම් පුද්ගලික වෛද්‍ය ආයතනය ජනසතු කරන ලෙස  ඉල්ලා පේරාදෙණිය විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය හා වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද (26) ගලහා හන්දියේදී විරෝධතාවක් සංවිධානය කර තිබිණි.

පුද්ගලික වෛද්‍ය ආයතනය අහෝසිකරන ලෙස ඉල්ලා නගර සියයකටත් වඩා දැනුවත් කිරීම් හා උද්ඝොෂණ කළත් දේශපාලන පක්ෂ හා සමාජ සංවිධාන ඉල්ලීම් කළත් ආණ්ඩුව නිසි පියවරක් නොගත් බව එම ශිෂ්‍ය සංගමයේ සභාපති මංගල මද්දුමගේ පැවසීය.

එයට විසදුම් ලෙස වෙළද දැන්වීම් දමන බවත් දේශපාලකයින් එයට විසදුම් ලෙස ‘පාළුගේයි වලං බිදිනවා‘ ලෙස කටයුතු කරන බවත් ඔහු කීවේය.

ජනතාවගේ විරෝධතාවයන් අපහසුකම් නොතකා අධ්‍යපනය විකිණීමේ ප්‍රතිපත්තිය කරගෙන යන බවත් ඔහු පැවසීය.