සයිටම් විරෝධීහු අත්පත්‍රිකා බෙදති


(ඡායරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

මාලබේ සයිටම් ආයතනය වහා අහෝසි කරන ලෙස රජයට බල කර සිටීමේ අරමුණින් පිහිටුවා ගන්න ලද ‘සයිටම් විරෝධී ජන පවුර’ සංවිධානය අද (24) කොළඹ කොටුව දුම්රියපොළ පරිශ්‍රයේදී මහජනතාව දැනුම්වත් කිරීමේ අත්පත්‍රිකා බෙදාදීමක් සිදු කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රමුඛ  විවිධ වෘත්තීය සමිතිවල සාමාජික සාමාජිකාවෝ පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටි අතර ඔවුහු සිය විරෝධය සහිත අත්පත්‍රිකා දුම්රිය මගීන්ට බෙදා දුන්හ. 

මේ අතර සයිටම් විරෝධී ජාතික මහා සමුළුවක් හෙට (25) සවස 3 ට කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්වෙන බවත් ඒ සඳහා සහභාගී වන ලෙස ද ඔවුහු ජනතාවගෙන් ඉල්ලා සිටියහ.