සයිටම් විරෝධීහු නුගේගොඩට එකතු වෙති


(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

මාලබේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස බලකරමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, වෛද්‍ය පීඨ ශීෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඇතුළු සංවිධාන ගණනාවක් එක්ව සංවිධානය කළ රැලියක් අද(5) නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි.

කිරුළපන, විජේරාම හන්දිය සහ කළුබෝවිල සිට පෙළපාළි මගින් පැමිණි සිසුහු නුගේගොඩට එකතු වූහ.