සයිටම් විරෝධීහු විහාර මහාදේවි උයනට එකතු වෙති


(අකිල බද්දෙවිතාන / ඡායාරූප - ඉෂාන් සංජීව)

සයිටම් විරෝධී ජන පවුර සංවිධානය කරන උද්ඝෝෂණය හා සමුළුව අද(25) දහවල් ආරම්භ විය.

මේ වනවිට සරසවි සිසුන් විශාල පිරිසක් කොළඹ ජාතික රෝහල අසල සිට ලිප්ටන් වටරවුමට පැමිණ උද්ඝෝෂණයේ නිරත වන අතර තවත් සුළු මොහොතකින් කොළඹ විහාර මහාදේවී එළිමහන් රංග පීඨයේ දී සයිටම් විරෝධී මහ සමුළුව ආරම්භ වීමට නියමිතය.

මේ අතර සරසවි සිසුන් ලිප්ටන් වටරවුම අසල ආරම්භ කළ සත්‍යග්‍රහයට පොලිසිය පහරදීම හෙළා දකිමින් එහි රැස්වී විරෝධය පළ කරන සිසුන් සමග එකතුවීමට වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ද පැමිණියේය.

 

(ඡායාරූප-ඉෂාන් සංජීව)