සයිටම් විරෝධීහු ‘ගිනිගත් රාත්‍රිය‘ අරඹති


(ප්‍රසාද් රුක්මල්/ ශාන්ත රත්නායක/ සනත් ගමගේ)

සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් අද(30) රාත්‍රී දිවයින පුරා ප්‍රදේශ රැසක විරෝධතා පෙළපාළි ආරම්භ කෙරිණි.

කොළඹ නගරයේ දී විරෝධතා පෙළපාළියක් සංවිධානය කර තිබූ අතර ‘ගිනිගත් රාත්‍රිය‘ නමින් නම් කර ඇති මෙම විරෝධතාවට අද බදුල්ල නගරයේ දී හා හම්බන්තොට නගරයේ දී  ද පන්දම් එළි දල්වාගත් විශාල පිරිසක්  එක්ව සිටියහ.

(ඡායාරූප - ප්‍රසාද් රුක්මල්)

(ඡායාරූප - ශාන්ත රත්නායක)

(ඡායාරූප - සනත් ගමගේ)