සයිටම් සිසුහු ජනපති කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක


(ඡායාරූප සහ වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා) 
 
 
වෛද්‍ය උපාධි සිහිනය බොඳ නොකර පොරොන්දු වූ පරිදි වහාම තමන්ව කොතලාවල වෛද්‍ය පීඨයට අනුයුක්ත කරන  ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බලකර සිටීමේ නිහඬ විරෝධතායක් සයිට්ම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුහු අද (11) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වුහ.


'සයිට්ම් සිසුන් කබලෙන් ලිපට' , 'වගකිව යුත්තන්  මර නින්දේ' , 'ජනපතිතුමනි ගෙවන්න බෑ නෙමෙයි ගෙවන්න නෑ' වැනි සටන් පාඨ සහිත ප්‍රදර්ශන පුවරු රැගෙන ගාලුපාරේ බිම වාඩී වී මෙසේ උද්ගෝෂණයේ නිරත වුහ.