සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දෙයි


(සුමිත් ප්‍රේමතිලක)

චීන රජයේ ආධාර ඇතිව දෙනු ලබන සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ජනතාවට ලබාදීම අද පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කර්යලයේදී ආරම්භ කරන ලදී .

පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ පදිංචි 100 දෙනකුට එන්නතේ පළමු මාත්‍රාව පළමු අදියරේදී ලබාදීමට කටයුතු කරන බව පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මොහොමඩ් ඉශ්මි මහතා පවසයි.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ෂනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය, කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය වරුන්වන පියල් නිශාන්ත , ජයන්ත සමරවීර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනූප පැස්කුවෙල්, සංජිව එදිරිමාන්න ඇතුළු පිරිසක්ද, වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර , රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුනසේන ඇතුළු වෛද්‍ය නිලධාරීන් නිලධාරී පිරිසක්ද සහභාගි වූහ.

වයස අවුරුදු 60 ට අඩු අයට එන්නත ලබාදීම සිදුකල අතර , එන්නත ලබා ගැනීමට පැමිණි බොහෝ පිරිසක් විවේචන එල්ල කරමින් නැවත හැරී යන අයුරු ද දැකගත හැකිවිය .

විදේශිකයින් ද එන්නත ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටිම විශේෂත්වයකි.