සරත් හෙට්ටිආරච්චි පියතුමන්ට පිරිත් නූලක්


(ඡායාරූප  චතුර  එස් .කොඩිකාර )

කිතුසමිදුන්ගේ  උපත  සිහිපත්  කරන  අසිරිමත් නත්තල් දිනය කරමින්  සරත් හෙට්ටිආරච්චි  පියතුමා මහා ඝංඝරත්නයට උදෑසන  දානය  පිරිනැමීම  මොරටුව කටුබැද්ද  අඹගහවත්ත  පාරේ පියතුමාගේ  පෞද්ගලික  මැදුරේ  අද(25) සිදුකෙරිණි.
 
එම අවස්ථාවට සබරගමුව විශ්ව  විද්‍යාලයේ  කුලපති   මහාචාර්ය  කඹුරුගමුවේ වජිර නාහිමි, මහාචාර්ය 
මැදගොඩ අභයතිස්ස හිමි ඇතුළු සංඝරත්නය වැඩම  කළ  අතර  දානය පිරිනැමී⁣⁣මෙන්  අනතුරුව  සරත්  හෙට්ටිආරච්චි  පියතුමා  විසින්  රචනා  කළ    පුරාණ ආගම්, ජනප්‍රිය බුද්ධාගම සහ  ශ්‍රී  ලංකාවේ  කිතුනු ආගම  කෘතිය   එළි දැක්වීම  ද  සිදුකෙරිණි.