සරසවි කටයුතු අරඹන්නැයි සිසුහු වීදී බසිති


 

(ප්‍රින්ස් රත්නායක )

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය‍ හේතුවෙන් විශ්ව විද්‍යාල අකර්මන්‍යව  ඇති බව පවසමින් විශ්ව විද්‍යාල කටයුතු කඩිනම්න් යථා තත්ත්වයට පත් කරන්නැයි ඉල්ලා සබරගමුව විශ්වවිද්‍යාල සිසුහු  අද (19 ) දහවල් පඹහින්න මංසන්දියේ දී උද්ඝෝෂණයක් ඇරැඹූහ.

මෙම අඛණ්ඩ වර්ජනයට  දින 20 ක්  ගතව ඇතත් අදාළ පාර්ශවයන් නිහඬව ගොළුවත රකින බව  පවසමින් සිසුහු මෙම උද්ඝෝෂණයට එක්ව සිටින අතර  අනධ්‍යන සේවක ඉල්ලීම් වන මාසික හිලව් දීමනාව ඇතුළ එකඟතා  ගිවිසුමේ පරිදි ඔවුන්ගේ ඉල්ලීම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නැයිද  ඔවුහු පවසති.