සරසවි සිසුන් ඉවත් කරන්න පොලු මුගුරුත් අරං එයි


තරිඳු ජයවර්ධන
 
අග්නිදිග සරසවියේ පාලනාධිකාරියෙන් විනය ක්‍රියාමාර්ග ගත් සිසුන් 21 දෙනා සොයා ශිෂ්‍ය නේවාසිකාගාරවලට පැමිණි විශ්ව විද්‍යාල ආරක්ෂක අංශයේ පිරිසක් සිසුන්ගේ හැඳුනුම්පත් පරීක්ෂා කරමින් අඩත්තේට්ටම් කළ බව සිසුහු පවසති.
 
අද  (16) දහවල් ශිෂ්‍ය නේවාසිකාගාර වෙන පැමිණි විශ්ව විද්‍යාල ආරක්ෂක අංශ පිරිසක් සිසුන්ගේ හැදුනුම්පත් පරීක්ෂා කරමින් විනය ක්‍රියාමාර්ග ගත් සිසුන් ඉවත් කිරීම මෙම සෝදිසි කිරීම කළ බව එහි ආරංචි මාර්ග කියයි. 
 
එලෙස පැමිණි ඇතැම් නිලධාරීන් අත පොලු සහ වෙනත් උපකරණ තිබුණු බව සිසුහු පවසති. 
 
ඡායාරූප - සෝදිසියට පැමණි පුද්ගලයන් පොල්ලක් සහ විශාල කතුරක් අතැතිව.