සරසවි සිසුන්ට පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාර


(නිමල කොඩිතුවක්කු )
 
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් උසස් ජාතික ඩිප්ලොමා ශිෂ්‍ය බළ මණ්ඩලය අද (25) ආරම්භ කළ විරෝධතා පාගමනට ලෝටස් වටරවුම අසළදී පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර එල්ල කරනු ලැබීය.

මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5000ක් දක්වා ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පුංචි බොරැල්ලේ සිට විරෝධතාකරුවෝ මෙම පාගමනට එක්වුහ.

සිසුන් කොළඹ ලෝටස් වටරවුම අසලට පැමිණ විරෝධතාවයේ නිරත විමත් සමඟ පොලිසිය විසින් ලෝටස් පාර තාවකාලිකව වසා දැමු අතර මේ හේතුවෙන් අවට මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් ද ඇති විය.

ඡායාරූප - ඉෂාන් සංජිව