සරසවි සිසුන්ට පොලිසියෙන් කඳුළු ගෑස්


අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පාගමනක් අද(24) මරදාන එල්ෆින්ස්ටන් රඟහළ අසළ සිට  කොටුව දුම්රියපොළ ස්ථානය ඉදිරිපිටින් ජනාධිපති ලේකම් කාර්යාලය  දෙසට ගමන් කරමින් තිබිණි.
 
සිසුන්ට  කොළඹ ලෝටස් වටරවුම ආසන්නයේ දී පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළේය.

විරෝධතා පා ගමනට  එක්ව සිටි සිසුන් 50 දෙනෙකු ද කොටුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

(ඡායාරූප - කුෂාන් පතිරාජ)