සර්ප උකුස්සන් තිදෙනෙකු වනාන්තරයට මුදාහැරේ


(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

වයඹ වනජීවි සෞඛ්‍ය කළමණාකරණ ඒකකය භාරයේ  සිටි සර්ප උකුස්සන් තිදෙනෙකු අද(12) දහවල් වනාන්තරයට  මුදා හැරි බව වයඹ වනජීවි කලාපයේ පශු වෛද්‍ය ඉසුරු කොට්ටගොඩ මහතා පැවසිය.
 
ප්‍රදේශ  කිපයකදි විවිධ හිංසනයන්ට ලක්ව තුවාල වී සිටි  මෙම සර්ප උකුස්සන් මාස හතරකට ආසන්න කාලයක් වයඹ  වනජීවි  සෞඛ්‍ය කළමණාකරණ එකකයේ රදවා ගෙන ප්‍රතිකාර ලබා දි තිබේ.
 
මෙසේ රදවා ගෙන ප්‍රථිකාර ලබා දී යළි  ආණමඩුව කොට්ටුකච්චිය දංගහවල ප්‍රදේශයේ කැලැ බද ප්‍රදේශයකට  වනජීවි පශු වෛද්‍ය ඉසුරු කොට්ටගේ මහතාගේ උපදෙස් මත  මුදා හැරීමට කටයුතු කර තිබිණි.
 
 මුදා හැරුණ මෙම උකුස්සන්ගේ වයස මාස 6 ක් පමණ වෙතියි වන ජීවී නිලධරයෝ පවසති.