සර්වඥ ධාතූ ප්‍රදර්ශනය අඹන්වලදී


( මහනුවර විශේෂ චමිල් රූපසිංහ)


පාකිස්ථානයේ තක්ෂිලා කෞතුකාගාරයෙන් මෙරටට වැඩම කරවන ලද ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා මහනුවර උඩුනුවර
අඹන්වල පුරාණ විහාරයේදී අද (12) දින ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත.


පූජ්‍ය අඹන්වල ගුණරතන හිමියන්ගේ හා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන මහතාගේ ඉල්ලිම මත මෙම ධාතුන් වහන්සේ මහනුවර දිස්ත්‍රික්කය වෙනුවෙන් මහනුවර, උඩුනුවර, අඹන්වල පුරාණ විහාරයේ සාදන ලද විශේෂ පීඨිකාවක තැන්පත් කර ඇති අතර අද (12) දින සිට හෙට (13)  අලුයම 5 දක්වා ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව හෙට (13) දින පෙරහරින් සේදවත්ත පුරාණ විහාරයට වැඩම කරවනු ලබයි.


වැල්ලම්පිටිය වෙහෙරගොඩ  පුරාණ විහාරයේ 14 වැනිදා සිට 15 දින දක්වා මෙම ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කර එදිනම කොළඹ හුණුපිටිය ගංගාරාමයට වැඩම කරවීමට නියමිතය.