සහන මිලට පොල්දීම බත්තරමුල්ලෙන් ඇරඹෙයි


( රොමේෂ් ධනුෂ්ක සිල්වා)

දිනෙන් දින ඉහළ යන පොල් මිලට විසඳුමක් ලෙස පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් සහන මිලට පොල් බෙදාදීමේ දීප ව්‍යාප්ත වැඩසටහනේ ආරම්භය  බත්තරමුල්ලේ පිහිටි පොල් වගා කිරීමේ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය අසලදී අද(2) පැවැත්විණි. 

රුපියල් 65 ක සහන මිලකට මෙහිදී පොල් මිලට ගැනීමට ජනතාවට හැකිවන අතර ඉතිරි දිනවලදී දිවයිනේ ප්‍රධාන නගර බොහොමයකට මෙවැනි  පොල් රැගත් ලොරි   පිටත් කර යැවීමට බලාපොරොත්තු වන බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා පැවසීය. 
පොල් මිල අසාධාරණ ලෙස ඉහළ නංවමින් මහජනතාව සහ රජය අපහසුතාවට පත් කරන කළුකඩ මාෆියාවට එරෙහිව මෙම පියවර ගත් බව සභාපතිවරයා කීය.