ස්වර්ණ පුස්තක සම්මානය අප්පච්චි ඇවිත් කෘතියට


ආරියරත්න රණබාහු

 

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සංවිධානය කළ 12 වැනි ස්වර්ණ පුස්තක සම්මාන උළෙල 2018 බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (15) පැවැත්විණි.

එහිදි මෙවර ස්වර්ණ පුස්තක සම්මානය හිමි වුයේ සමන් වික්‍රමරාච්චි රචනා කළ ‘අප්පච්චි ඇවිත්’ නවකතාවටය.

සම්මානය සමඟ ඔහුට රුපියල් හත්ලක්ෂ පනස්දහසක මුදල් ත්‍යාගයක් ද ප්‍රදානය කෙරිණි.

ඡායාරූපය - චතුර එස් කොඩිකාර