ස්විට්සර්ලන්ත සංචාරකයන්ට අලුත් නවාතැන් පොළක්


(ටී.කේ.ජී.කපිල)

ස්විට්සර්ලන්තයේ සිට නව ගුවන් සේවයක් ආරම්භ කරමින් ප්‍රථම මංගල ගුවන් යානය අද දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

ස්විට්සර්ලන්තයේ සුරීච් ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ අතර මෙම ගුවන් සේවාව ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.

මෙම ගුවන් යානය තුළ එරට සංචාරක ගුවන් මගීන් 125 දෙනෙක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 15 දෙනෙක් සිටියහ.

මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි අතර ගුවන් තොටුපළේ දී මෙම ගුවන් මගීන් ඉතා උසස් ආකාරයෙන් පිළිගැනීම සිදු කෙරුණි.