සිංගප්පූරු ගිවිසුමට විරෝධය පා ජවිපෙ පත්‍රිකා බෙදයි


ශ්‍රී ලංකාව  සහ  සිංගප්පූරුව අතර  වෙළඳ  ගිවිසුමට  විරෝධය දක්වා  ජනතා විමුක්ති පෙරමුණ විසින් ජනතාව දැනුවත් කිරිමට  අත්පත්‍රිකා බෙදා දීමක් අද (7) පිටකොටුව බෝධිය  අසල  දී සිදුකෙරිණි .  
 
මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ  පාර්ලිමේන්තු මන්ත්‍රී   සුනිල් හඳුන්නෙත්ති , පළාත් සභා  මන්ත්‍රී  මහින්ද ජයසිංහ  යන  මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වුහ. 
 
ඡායාරූප  -  චතුර එස් .කොඩිකාර