සියලු අන්තවාදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නයි ඉල්ලති


(ඡායාරූප - කුෂාන් පතිරාජ)

‘සුරකිමු පිංකෙත සිංහල බලවේගය‘ ඇතුළු තවත් බෞද්ධ සංවිධාන කිහිපයක් අද(23) පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.

බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට පෙර කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදියුදීන්, ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි, උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් ඇතුළු අනෙකුත් ආගමික අන්තවාදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.