සිරවුණු නැව ඉවත් කරන්න සති ගණනක් යාවි


සිරවුණු නැව හේතුවෙන් සූවස් ඇළේ නාවික කටයුතු මුළුමනින්ම අඩපණ වී ඇති බවත්, ඇළ ඉවුරේ වැලි තට්ටුවල හැපී සිරවුණු නැව ඉවත් කිරීමට සති කීපයක් ගත වනු ඇති බවත් බිය පළ කෙරේ.

ලොව කාර්යබහුල නැව් මාර්ගයක් ලෙස සැලෙකන්නේ සූවස් ඇළ ය. සූවස් ඇළෙහි පැත්තට ඇදී ගොස් වැලි පරවල ගැටී සිරවූයේ පැනමාවේ ලියාපදිංචි ‘එවර් ගිවන්’ නමැති එම භාණ්ඩ ප්‍රවාහන නෞකාවය. මෙය පැනමාවේ ‘එවර්ග්‍රීන්’ නැව් සමාගම යටතේ ලියාපදිංචි වූවකි.

'එවර් ග්‍රීන්' නැව් සමාගමට අයත්, 'එවර් ගිවන්' නැව, පසුගිය දා 23 වැනිදා සූවස් ඇළ හරහා ගමන් ආරම්භ කළේ නෙදර්ලන්තය බලා යෑමටය.

සූවස් ඇළට පිවිස, යාත්‍රා කරන්න වූ මෙම යෝධ නැව, වැලි කුණාටුවකට හසුවිය.  නැව පාලනයෙන් ගිලිහී ඇළ ඉවුරේ හැපුණි.

'එවර් ගිවන්' නෞකාව දැන් ඇත්තේ, සූවස් ඇළ හරස් කරමිනි. ඇළ දිගේ ඉහළ පහළ යන සියලු නැව්වල ගමනා ගමන කටයුතු මුළුමනින්ම අඩපණ වී ගොස් තිබේ.

'එවර් ගිවන්' නෞකාව නිසා සූවස් ඇළේ සිරවුණු නැව් අතරේ ඉන්ධන බැරල් මිලියන 13 ක් රැගත් නැව් 10 ක් ඇත. 

මේ වනවිටත් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකන් ඩොලර් 63 කට වඩා වැඩිය. 'කොවිඩ් 19' වසංගතය මැද ලෝකය ආර්ථික මෙන්ම තෙල් අර්බුදයකට ද මුහුණ පෑමේ අවදානමක් නිර්මාණය වී ඇත.

(රොයිටර්)