සිරුරු ආදාහනය නොකරන්නැයි උද්ඝෝෂණයක්


 

(ශාන්ත රත්නායක)
 
 කොරෝනා වැළඳී  මියයන මුස්ලිම් ජාතිකයන් ගේ සිරුර ආදාහනය නොකර මිහිදන්
කරන්නැයි ඉල්ලමින් මුස්ලිම් ජාතිකයෙක් අද( 14 )පෙරවරුවේ සිට මාලිගාවත්ත
දුම්රිය නිවාස සංකීර්ණයේ වතුර ටැංකිය මත නැගී විරෝධතාවයක නිරත වෙමින්
සිටී.
 
අඩි ගණනාවක් උසැති වතුර ටැංකිය මතට නැගුණු ඔවු  දෑත් වනමින් අහස දෙසට දෑත්
දිගුකර යාඥා කරමින් මළ සිරුරු ආදාහනය නොකරන්නැයි ඉල්ලා  සිටි.
 
පොලිසිය සහ ගිනි නිවන හමුදාව වතුර ටැංකිය අසලට පැමිණ රැකවල්ලා සිටින අතර
පහලට බසින්නට කරන ඉල්ලීම් ද ඔහු ප්‍රතික්ෂේප කරයි.
 
කොරෝනා වසංගතයේ පැතිරීම නිසා මාලිගාවත්ත පොලිස් වසම මේ වන විට හුදකලා කර පවතී.