සිවිල් ආරක්ෂක බළකාය සහන මිලට සලාක මල්ලක් නිවසට ගෙනෙයි


ඇදිරිනීතිය පනවා ඇති කාලය තුළදී  නිවෙස් වලට ගොස් සහනදායී මිලට වියළි සලාක මලූ බෙදා හැරීම සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මැදිහත්වීමෙන් සිදු කෙරේ.

මෙම වියලි ආහාර තොග ලංකා සතොස ආයතනය වෙතින් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවෙට ලබාදීමෙන් අනතුරුව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු භට පිරිස් වෙතින් ඇසුරුම් කර බෙදා හැරීමට කටයුතු කර ඇත.

දැනට දිවයින පූරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරස් වසන්ගත තත්වය මැඩ පැවැත්වීම සඳහා රජය විසින් පනවා ඇති ඇදිරිනීති හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇති මහජනතාවට සහ රෝහල් කාර්ය මණ්ඩලයේ  පහසුව වෙනුවෙන් මෙය ක්‍රියාත්මකය.
 
සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතාගේ අධීක්‍ෂණය යටතේ  මෙම කටයුතු සිදු කෙරේ.

( ඡායාරූප - සිවිල් ආරක්ෂක බළකාය)