සී.ඩබ්.ඩබ් කන්නන්ගර 50 වන ගුණසැමරුම් උළෙල ජනපති ප්‍රධානත්වයෙන්


(ආරියරත්න රණබාහු)

වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනාගෙන් අඩුතරමින් නිදහස් අධ්‍යාපනයේ පියා වන සී.ඩබ්.ඩබ් කන්නන්ගර මහතා ගේ දර්ශනය ගැන හැදෑරු කන්නන්ගරලා 25 දෙනෙක්වත් හිටියා නම් මේ රට කොතැන තිබිය හැකිදැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹදී අද (16) පැවති ඒ මහතාගේ 50 වන ගුණසැමරුම් උළෙලේදී ප්‍රශ්න කළේය.
 
ජනාධිපති කාර්යාලය , කැලණිය විශ්ව විද්‍යාලය සහ ජාතික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී පැවති ගුණසැමරුම් උළේලේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

    ‘‘අද මේ සැබූ ලෙසම නිදහස් අධ්‍යාපනයක් තිබෙනවාද.එය කීදෙනෙක් හඳුනාගෙන තිබෙනවාද කන්නන්ගර මහතාගේ චින්තනය පිළිබඳව නිදහස් අධ්‍යාපනය පිළිබඳ පර්යේෂණ ආයතනයක් පිහිටුවීම අවශ්‍යයි.එමගින් නිදහස් අධ්‍යාපනයට නිර්වචනයක් දිය හැකියි එතුමාගේ ප්‍රතිපත්තිය දර්ශනය හඳුනාගත හැකිවනු ඇතැයි‘‘ ජනාධිපතිවරයා කීය.

එහිදී කැළණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය කෞෂල්‍යා යටිගම්මන මහත්මිය නිදහස් අධ්‍යාපනයේ පුනරාවලෝකනය සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර ගුණ සමරු සංග්‍රහය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිරිනැමූ අයුරු ඡායාරූපයේ දැක්වේ.

(ඡායාරූප - චතුර එස් .කොඩිකාර )