සුනඛ දඩයමේ ගිය හඳුන් දිවියා සුනඛ ප්‍රහාරයෙන් මරුට


රංජිත් රාජපක්ෂ 
                       
සුනඛයන් දඩයම් කිරිම සඳහා පැමිණි හඳුන් දිවියකු සුනඛයන් කිහිප දෙනෙකු විසින් සපා කෑම හේතුවෙන් හඳුන් දිවියා ජිවිතක්ෂයට පත් වී ඇති බව බගවන්තලාව පොලිසිය කියයි.


බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් තේ වත්තේ අද (2) උදෑසන 9 ට පමණ ගසක් මත රැදී සිට ඇති හඳුන් දිවියා වතු කම්කරුවන් සමඟ තේ වතු යායට ගිය සුනඛයකුට පහරදී තිබේ.


ගොදුරක් වශයෙන්  අල්ලා ගත් අවස්ථාවේ  ඒ අසලම සිටි තවත් සුනඛයින් කිහිපදෙනෙකු එක් වි හඳුන් දිවියාව සපා කෑ  බව වතු කම්කරුවෝ පවසති.


සුනඛයන්ගේ සපා කෑමෙන් බරපතල ලෙස තුවාල ලැබු හඳුන් දිවියා එම ස්ථානයේම මිය ගොස් ඇත.
මිය ගිය හඳුන් දිවියා සම්බන්ධයෙන් නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට දැනුම් දී ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි.