සුමනරතන හිමියෝ පොලිස් නිලධාරියකුගේ අනුරුවක් ගිනි තියති


(වසන්ත චන්ද්‍රපාල)

මඩකලපුව පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා තමන්ගෙන් ඉතාම අමානුෂික ආකාරයට පලි ගන්නා බව මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියෝ පැවසූහ.

උන් වහන්සේ එසේ පැවසුවේ මඩකලපුව මංගලාරාම විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.

විහාරස්ථානයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරින් කිහිප දෙනකු අවස්ථා කිහිපයදී බීමත්ව සිටියටදි හසු වුණා.මේ ගැන පොලිසියට පැමිණිලි කළාම ඒවාට නීතිය ක්‍රියාත්මක නොකර මඩකලපුව අධිකරණයේ මට විරුද්ධව නඩු තුනක් පවරලා තියෙනවා.මේ මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ආපු දවසේ ඉඳන් මට හිරිහැර කරනවා .මේ ගැන මම ඉහළ පොලිස් නිලධාරින්ට දැනුම් දුන්නා.ඒකට නිසි අයුරින් කටයුතු කරන්නේ නැත්නම් මෙයට අපි විරෝධය පල කරනවා “යැයි ඒ හිමියෝ පැවසූහ.

මෙම මාධ්‍ය හමුව අවසානයේදි පොලිස් නිලධාරියකුගේ අනුරුවක්ද  සුමනරතන හිමියන් විසින් ගිනි තබනු ලැබිය.