සුහුරු පන්ති කාමර හදන රටේ මේත් පන්ති කාමරයකි


(චන්දසේන ගමගේ)

වලස්මුල්ල  ‘රළුව’ ප්‍රාථමික විද්‍යාලයේ 05 වැනි වසරේ සිසුන් ඉගෙණුම ලබන පොල්අතු සෙවිලි කළ පංති කාමරය වෙනුවට නව ගොඩනැල්ලක් ලබා දෙන්නැයි ඉල්ලමින් මවුපියෝ පිරිසක් අද (22) දහවල් රළුව ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

2016 වසරේ සිට රළුව ප්‍රාථමික විද්‍යාලයට ගොඩනැගිල්ලක අවශ්‍යතාවයක් පවතින බවයි. අදාල බලධාරීන් දැනුම්වත් කළද ඊට විසදුමක් ලබා දෙන්නට ඔවුන් අසමත් වූ බවද දෙමාපියෝ පැවසූහ.

පස්වැනි වසරේ සිසුන් 20 දෙනකු අකුරු කරන්නේ මාව්පියන් විසින් ඉදිකරන ලද තාවකාලික පොල්අතු සෙවිලි කරන ලද ගොඩනැගිල්ලක බවත් එය වැසි දිනවලදී තෙමෙන බවත්  පවසති.

පාසල ඉදිරිපිට ට රැස් වූ මාපියන් හමුවට පැමිණි වීරකැටිය පොලිස් ස්ථානාධිපති කැළුම් සංගීත් මහතා දන්වා සිටියේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සදහා දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය රුපියල් ලක්ෂ 10 ක් වෙන්කර ඇති බවයි.