සෙත්සිරිපායේ ‘සම්පත් පියස‘ කසල මධ්‍යස්ථානය විවෘත කෙරේ


සෙත්සිරිපාය  දෙවැනි අධියර පරිශ්‍රයේ  පිහිටි සම්පත් පියස කසල මධ්‍යස්ථානය විවෘත කිරීම අද(04)  අමාත්‍ය පාඨලී චමිපික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

සෙත්සිරිපාය 2 වැනි අධියර කාර්යාල පරිශ්‍රයේ සේවයේ නියුතු සේවක  මහත්ම මහත්මීන්  ගේ නිවෙස් වල  එකතු වන   කසල   භාරගැනීම   සහ  එම  කර්යාල පරිශ්‍රයෙන්  ඉවත් කෙරෙන වෙන් කළ  කසල භාරගැනීම  සිදු මෙහිදී සිදු වේ.ඒ  අතර මේ  සදහා ලකුණු   ලබාදීමේ  ක්‍රමයක් ද පවතී.

එකඩදාසි 1 kg  සදහා ලකුණු 6, පොලිතින් 1 kg  සදහා ලකුණු 8, ප්ලාස්ටික්1kg  සදහා ලකුණු 10, වීදුරු1kg  සදහා ලකුණු  2 ලෝහ 1kg  සදහා ලකුණු  12 ක්ද පිරිනමනු ලබන අතර ලකුණු   1000  ලබා ගත් පසු  ඉලෙක්ට්‍රික්  ආහාර   බදුනක්  සහ  ලකුණු   3000  ක්  ලබා  ගත්  පසු   කොමිපෝස්ට්  බදුනක්  ලබා  දේ.
අනතුරුව   ලබා  ගන්නා   ලකුණු   1000 ක්  සදහාම   රැපියල්   1000  බැගින්   ලබා ගැනීම ට    අවස්ථාව  සලසා   දී ඇත.

මෙවැනි  මධ්‍යස්ථාන  රටපුරා  ව්‍යාප්ත  කරන  අතර   ලබන  මැයි  මසදී   බත්තරමුල්ල  ප්‍රදේශවාසීන්  සදහා  බත්තරමුල්ල  නගරයේ  ආරම්භ  කිරීමට  නියමිතය .

(ඡායාරූප-චතුර එස් කොඩිකාර)