සෙරක්කුලිය කලපුව රතු පැහැ ගැන්වෙයි


හිරාන් ප්‍රියංකර ජයසිංහ

 

පුත්තලම කලපු තීරයට අයත් සේරක්කුලිය කලපුව අද (23) අලුයම සිට ඉදිකරමින් පවතින අරුවක්කාඩු කසල අංගනයෙන් ගලා ගිය රතු පැහැ ගැන්වු ජලයෙන් රත් පැහැ ගැන්වී ඇති බව ගම්වැසියෝ පවසති.

ඊයේ (22) රාත්‍රීයේ අරුවක්කාඩු කසල අංගන ප්‍රදේශයට ඇදහැලුන මහ වැසි වලින් එකතු වු විශාල ජල කදක් ජල පොම්ප මගින් ගොඩබිම් විවෘත ප්‍රදේශයට පොම්ප කිරිමත් සමඟ එම ජලය රත් පැහැවී කලපුවට ගලා එමින් තිබෙන බව ඔවුහු කියති.

සේරක්කුලිය ප්‍රදේශවාසීන් මෙයට පෙර තමන් කසල අංගනයට විරෝධය මතු කරමින් පළමුව විරෝධය මතුකර සිටියේ ද මෙම ඉදි කරමින් පවතින කසල අංගනයේ සිට දැවැන්ත ඇළ මාර්ගයක් කපා එහි අපිරිසිදු ජලය මේ ආකාරයට කලපුවට දැමීමට සූදානමක් පවතින බවයි.