සොභිත හිමි වෙනුවෙන් ඇලපත්ගමට නිවාස 153ක්


අපවත්වී වදාල මාදුළුවාවේ සෝභිත හිමියන් අනුස්මරණය කරමින් උන්වහන්සේ විසින් ගොඩ නැංවීම ආරම්භ කරනු ලෑබු අනුරාධපුර විලච්චිය ඇලපත්ගම දුෂ්කර ගම්මානයේ වෙනුවෙන් ඉන්දීය රජයේ මුල්‍ය  අනුග්‍රහයෙන් නව නිවාස 153 ක් ඉදිකිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම කථානායක නිල නිවසේ දී අද(14) සිදු කෙරිණ.

කථානායක කරු ජයසූරිය මහතා ඉන්දීය රජයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මම නිවාස ව්‍යපෘතිය සඳහා ඉන්දීය රජය රුපියල් මිලියන 300ක මුදලක් පිරිනැමීමට නියමිතය.

එම ගිවිසුමට ඉන්දීය රජය වෙනුවෙන් ශ්‍රී  ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්දු මහතා සහ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යාංශය  වෙනුවෙන් එහි ලේකම් ඩබ්.කේ.කේ අතුකෝරාල මහත්මිය අත්සන් කළහ.

(ඡායරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා)