සෝමවංශ අමරසිංහ ගුණ සැමරේ


ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සහ ජනතා සේවක පක්ෂයේ සභාපති සෝමවංශ අමරසිංහ මහතාගේ පළමු ගුණසමරු උත්සවය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී අද (15) පැවැත්විණි.

ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මෙහිදී  සෝමවංශ අමරසිංහ ගුණසමරු දේශනය සිදු කළ අතර මහාචාර්ය ජී.එල්.පීරීස් , ජයන්ත සමරවීර , වීරකුමාර දිසානායක යන මහත්වරු ද සෝමවංශ අමරසිංහ මහතාගේ සොහොයුරා ද සෝමවංශ මහතා සිහිපත් කරමින් ඔහුගේ ඡායාරූපයකට පුෂ්පෝහාර දැක්වූහ.

(ඡායරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)