සෝමාවතී පුදබිම බැතිමතුන්ගෙන් පිරීයයි


(ක.ග. කරුණාරත්න)

ශ්‍රී සම්බුද්ධ ශාසනික ඉතිහාසයේ වැදගත් සිද්ධි ගණනාවක් සනිටුහන් කෙරෙන  ඇසළ පුන් පොහාය දිනය යෙදී තිබෙන අද(04) දිනයේ දිවයිනේ බෞද්ධ වෙහෙර විහාරස්ථාන වෙත බැතිමතුන් විශාල පිරිසක් එක් රොක්  වෙමින් සිටිති.

 කොරා්නා වසංගත රෝබිය හේතුවෙන් මාස කිහිපයක් ජනශූන්‍යව පැවැති පොලොන්නරුව ඓතිහාසික සෝමාවතිය පුදබිම වෙත මේ වසරේ වැඩිම පිරිසක් වන්දනාකරුවන් පැමිණියේ අද (04) දිනයේ බව එහි වැඩ වසන හිමිවරු පැවසූහ.

සෝමවතිය රාජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි දාන, ශීල, භාවනාදී පිංකම් රැසක් සෝමවතිය සෑ රදුන් උදෙසා සිදු කෙරුණු අතර දිවයිනේ නන්දෙසින් පැමිණි ජනයා අති විශාල පිරිසක් ඊට සහභාගි වී සිටිනු දක්නට ලැබිණි.