සෞඛ්‍යාරක්ෂිතව කැලණි පුදබිම වැඳපුදා ගනිති


(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල්වූ නවම් පුන් පොහොය නිමිත්තෙන් අද(26) කැලණිය  ඓතිහාසික රාජ මහා විහාරය  ද බැතිමතුන්ගෙන් පිරී පැවතිණි.

කොරෝනා වසංගත තත්වය සැළකිල්ලට ගෙන කැලණිය  රාජ මහා විහාරය වෙත පැමිනෙන බැතිමත්හු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් වන්දනාමාන කටයුතුවල නිරතවී සිටියහ.

පොලිස් නිලධාරීන්  විසින් බැතිමතුන් සෞඛ්‍යාරක්ෂික ක්‍රමවේද අනුගමනය කිරීම පිළිබදව නිරන්තරවම අවධානයෙන් සිටින අයුරු මෙහිදී දක්නට ලැබිණි.