සෞදි අරාබියේ - ලංකාවේ කතානායකවරු‍ අතර හමුවක්



සෞදි අරාබියේ පාර්ලිමේන්තුවේ    කතානායක    අබ්දුල්ලා  බීන්  මොහොමඩ්  බින්  ඊබ්‍රාහිම්  අල් ෂෙයික්  මහතා  ඇතුළු  දූත  පිරිස අද(09) ශ්‍රී  ජයවර්ධනපුර කෝට්ටේ  පිහිටි  පාර්ලිමේන්තු සංකීර්ණයේදී දී ශ්‍රී ලංකාවේ කතානායක  කරූ  ජයසූරිය මහතා හමුවූහ.
 
මෙහිදී   පාර්ලිමේන්තු  සභාගර්භය සහ එහි  පිහිටි  කතානායක   අසුන  නැරඹීමට ද මෙම පිරිස  එක් වූහ.   
 
මෙම  අවස්ථාවට   කතානායක කරූ ජයසූරිය, නියෝජ්‍ය කතානායක  ආනන්ද කුමාරසිරි, අමාත්‍ය රවුෆ් හකීම්  යන  මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 (ඡායාරූප  -  චතුර එස්. කොඩිකාර)