සෞදි කුමරු විදේශ ඇමැති හමුවෙයි


(ජායාරූපය - ශාන්ත රත්නායක)

සෞදි රාජ්‍යයේ කිරුළ හිමි අබ්දුල් අසීස් අල්සෞද් කුමරු අද (4) පස්වරු 12.15 ට විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් විදේශ
අමාත්‍යාංශයේදී පැවැත්විණි.

සෞදි රාජ්‍යයේ කිරුළ හිමි අබ්දුල් අසීස් අල්සෞද් කුමරයා අද පස්වරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ
මහතා ද හමුවීමට නියමිතය.

සෞදි රජ පවුලේ සාමජිකයකු වන අල් සෞද් කුමරු එරට ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු සහ අයෝජකයකුද වන අතර මෙරට පැය 4කට ආසන්න කාලයක් රැඳී සිටීමෙන් යළි දිවයිනෙන් පිටත්ව යනු ඇත.