සෞන්දර්ය සිසුහු විරෝධතාවක


(ජයමාල් චන්ද්‍රසිරි)

සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයයේ  සිසුහු  පිරිසක් සහ ඔවුන්ගේ මව්පියවරු අද ( 27)  විශ්ව විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වූහ.

ඉසෙඩ් අගය හා ප්‍රායෝගික පරීක්ෂණය පදනම් කරගනිමින්  සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයට සිසුන් බඳවා ගන්නා ලෙසත්  සියලු සිසුන්ට සාධාරණය ඉටු කරන ලෙසත් ඔවුහු විරෝධතාවට එක් වෙමින් පැවසූහ.