හතුරු මිතුරු නැති දේශපාලනයේ සැබෑ මායාව


(කාංචන කුමාර ආරියදාස)

දේශපාලන දිවියේ මිතුරන්ද හතුරන් ද නැති බව කියැවෙන හමුවක් පසුගියදා දඹුල්ලේදී දැක ගැනීමට අවස්ථාව ලැබිණි .

 ඒ  හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ හිටපු අමාත්‍ය එස් බී දිසානායක මහතා අතර හමුවකි.

දඹුල්ල මැද පන්සලේ පැවති ආගමික උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ දී වසර කිහිපයකට පසු දෙදෙනා හමුවී දැඩි සතුටක් පළ කරන අයුරු කැමරාවේ සටහන් වුයේ මෙලෙසිනි.

මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්ව මහින්ද රාජපක්ෂ රජය පෙරළා දැමීම සඳහා සිටි  ප්‍රධාන කණ්ඩායමෙන් එක් අයකු බවට පත් වන්නේ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාය . එවකට මහින්ද රාජපක්ෂ සමඟ ශක්තිමත්ව රජය රැගෙන යම් සඳහා කටයුතු කළ එස් බී දිසානායක මහතා කටයුතු කළේය.

පසුව ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දින 100 ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයකු ලෙස සිටියදී ම තනතුරුවලින් ඉවත්ව නැවත මහින්ද රාජපක්ෂ මහතා සමග එක්ව ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාශීලී සාමාජිකයකු ලෙස එක් විය.

මැතිවරණයෙන්  පරාජයට පත්වූ දිසානායක මහතා ජාතික ලයිස්තුවෙන් නැවතත් මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්ව නව රජයේ කැබිනට් අමාත්‍යධුරයක් දැරිය. පසුව අග්‍රාමාත්‍යවරයාට එරෙහි  ඉදිරිපත් වු විශ්වාසභංග යෝජනාවට විරෝධය ප්‍රකාශ කරමින් එස් බී දිසානායක මහතා අමාත්‍යධූර හැරදා නැවතත් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කළේය. එ වැනි වකවානුවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගී වූ දඹුල්ලේ ආගමික උත්සවයකදී එස් බී දිසානායක මහතාත් ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මුහුණට මුහුණ හමුවිය.

ඒ  අවස්ථාවේදී ඔවුන් දෙදෙනා ඉතා ලෙන්ගතු කමින් අත් පටලාගෙන සිනහමුසු මුහුණින් පරණ සබඳකම් අලුත් කරන අයුරු කාටත් පෙනෙන්නට තිබිණි.