හන්තානේ කඳු මුදුන සිසාරා පවනක් වී....


 

 
(ඩබ්ලිව්.ඒ. අසේල)
 
ලංකාවේ පිහිටි වටිනාම පාරිසරික පද්ධතියක් වන හන්තාන අධි සංවේදී පරිසර කලාපය මසකට ආසන්න කාලයක් මිනිස් ඇස ගැටීමකින් තොරවූ නිසා නැවුම් මුහුණුවරක් ගෙන ඇත.
 
දිනපතා දේශිය හා විදේශීය සංචාරකයින් විශාල පිරිසක් හන්තාන කඳු වැටිය නැරඹීමට පැමිණෙන අතර කොරෝනා  වයිරසය ව්‍යාප්ත වීමේ තත්වය නිසා ඇතිවූ ඇදිරි නීතිය තුළ මාසකට ආසන්න කාලයක් මිනිස් ඇස ගැටීමක් මෙම පරිසර කලාපය තුළ දක්නට නොවුණි.
 
විශේෂ ගැසට් පත්‍රයක් මගින් මෙම කලාපය අධි සංවේදී කලාපයක් ලෙස වෙන් කොට ඇති අතර මුහුදු මට්ටමේ සිට අඩි දෙදහස් පන්සියයකට වඩා ඉහලින් ඇති මෙම ප්‍රදේශය තුළ කිසිදු ඉදිකිරීමකට හෝ අවසර ලබා නොදෙන කලාපයකි.
 
වෙනත් දිනවල තැනින් තැන දැකිය හැකි ප්ලාස්ටික් බෝතල් පොලිතීන් වනි අපද්‍රව්‍ය කිසිවක් නැති මේ බිම තුල නිදහසේ පිරිසිදු වාතය ආශ්වාස කිරීමේ භාග්‍යය උදාවී ඇත.