හම්බන්තොට නව රෝහල ජනපති අතින් ජනතා අයිතියට


(දිලිප් ජයසේකර)

නෙදර්ලන්ත රජයේ ණය ආධාර යටතේ ඉදි කරන ලද හම්බන්තොට නව දිස්ත්‍රික් මහ රෝහල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පස්වරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.

මහල් 10 කින් සමන්විත මෙම නව දිස්ත්‍රික් මහ රෝහල නෙදර්ලන්ත රජයේ සහන ණය ආධාර යටතේ ඉදිකර ඇති අතර රෝගී සත්කාරය සඳහා අවශ්‍ය නවීන පහසුකම්වලින් මෙම නව රෝහල සමන්විතය.

සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය දිලිප් වෙදආරච්චි, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් යන මහත්වරු සහ නෙදර්ලන්ත තානාපතිනිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


(ඡායාරූප - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මාධ්‍ය ඒකකය)