හම්බාවාට පශු වෛද්‍යවරුන් ප්‍රතිකාර අරඹයි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කුරුණැගල - ගල්ගමුව ප්‍රදේශයේදී හමුවූ හම්බාවාට වයඹ වනජීවි සෞඛ්‍ය කළමනාකරණ ඒකකයේ නිලධාරීන් ප්‍රතිකාර කිරීම ආරම්භ කළ බව පශු වෛද්‍ය එච්.කේ.ඉසුරු මහතා පැවසීය.

හම්බාවා කුඩා ගල්ගමුව ප්‍රදේශයේ ඉඩමක වැටි සිටියදී නිකවැරටිය වනජීවි කාර්යාලයට ලැබුණ දැනුම් දීමකට අනුව වනජීවි නිලධාරීන් කණ්ඩායමක් සෞඛ්‍ය කළමනාකරණ ඒකකයට ප්‍රතිකාර සඳහා බාර දී තිබේ.

නැගි සිටීම සහ ගමන් කිරීම නොහැකිව අසාධ්‍යව සිටි හම්බාවාගේ තත්ත්වය බරපතලව පැවතියද මේ වන විට තරමක සුව මට්ටමකට පැමිණ ඇති බව පශු වෛද්‍ය එච්.කේ .ඉසුරු මහතා පැවැසීය.

වනජීවි පශු වෛද්‍යවරුන් යටතේ සිටින හම්බාවා කිලෝ 5ක පමණ බරකින් යුක්ත වන බව වෛද්‍ය එච්.කේ .ඉසුරු මහතා කීය.