හමුදාපති වෙනුවෙන් ගෞරව ආචාර පෙළපාලියක් සාලියපුරදී


(මනුල වික්‍රම)

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල්  ශවේන්ද්‍ර සිල්වා මහතාට ගෞරව  දැක්වීමේ ආචාර පෙළපාලියක් අද (31) සාලියපුර ගජබා රෙජිමේන්තු  මධ්‍යස්ථානය මගින් සංවිධානය කෙරිණි.

ගජබා රෙජිමේන්තුවෙන් බිහිවු ප්‍රථම යුධ හමුදාපතිවරයා වශයෙන් ඒ මහතා ලද  එම තනතුර මගින් එම රෙජිමේන්තුවට ලැබුණු අභිමානය සැමරීම සඳහා ශවේන්ද්‍ර සිල්වා මහතාට ගෞරව දැක්වීම වෙනුවෙන් එය පැවැත්වුණේ සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන සරඹ පිටියේදීය.

හිටපු ගජබා රෙජිමේන්තු අධිපති  ලුතිතන් ජෙනරාල් ජගත් ඩයස් හා වර්තමාන ගජබා රෙජිමේනතු අධිපති  කර්නල් එල්.එච්.එම්. රාජපක්ෂ යන නිලධාරීන් ඇතුළු ගජබා රෙජිමේන්තුවේ නිලධාරීන්, විශ්‍රාමික නිලධාරීන් ඇතුළු එම රෙජිමේන්තුවේ සෑම තරාතිරමකම සාමාජිකයෝ එම අවස්ථාවට එක්වූහ. ශවේන්ද්‍ර සිල්වා මහතා එහිදී සිහිවටනයක් ලෙස රෙජිමේන්තු මධ්‍යස්ථාන භූමියේ නාපැලයක් රෝපණය කළේය. ඒ මහතා වෙනුවෙන් විශේෂ තේ පැන් සංග්‍රයක්ද එහි දී සංවිධානය කර තිබිණි. එය භුක්ති විඳිමෙන් අනතුරුව හමුදාපතිවරයා විශේෂ ආරාධිත අමුත්තන්ගේ සමරු පොතේ සටහනක් තැබීය.