හරිත කෘෂිකර්මාන්තය ශක්තිමත් කරන්න හමුදාවට පුහුණුවක්


(කාංචන කුමාර ආරියදාස)

මාතලේ දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 23 සඳහා සඳහා යුද හමුදා නිලධාරීන් 46 දෙනෙකු හරිත කෘෂිකර්මාන්ත ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා  පුහුණුවීම් කටයුත්ත අද ( 18)  ආරම්භ කළහ .

කෘෂිකර්මාන්තය පිළිබඳව දින පහක මෙම පුහුණු වැඩසටහන නාලන්ද   කෘෂිකර්ම පුහුණු  බිජ ගොවිපලේදී ඇරැඹිණි.

මාතලේ දිස්ත්‍රික්කයේ  හරිත  කෘෂි කර්මාන්ත ක්‍රියාන්විතය ක්‍රියාත්මක කිරීම් සඳහා යුද හමුදාවේ  111 වැනි පාබල බල සේනා සේනාවේ සේනාකාධිපති   බ්‍රිගේඩියර් රෝහිත රත්නායක මහතා පත්කොට තිබේ.

ඒ අනුව  බ්‍රිගේඩියර් වරයාගේ ප්‍රධානත්වයෙන් නාලන්ද ගොවිපලේදී රජයේ කෘෂිකර්ම උපදේශකවරුන් ප්‍රායෝගික පුහුණුව ලබාදීම ආරම්භ කෙරිණි.