හසලක ගාමිණි ගුණ සැමරේ


(රොමේෂ් මධුෂංඛ)
 
කෝප්‍රල් ගාමිණි කුලරත්න නොහොත් හසලක ගාමිණි රණවිරුවාගේ 26 වැනි ගුණානුස්මරණය අද(16) අලිමංකඩ  හසලක ගාමිණි පිළිරුව අසලදී සිදුවිය.

හසලක ගාමිණි පිළිරුව අබියස සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පවත්වා අද උදෑසන හීල් දානය සහ පිරිකර පූජා කිරීමෙන් පසුව මෙම සැමරුම සිදු කෙරිණ.

මෙම අවස්ථාවට හසලක ගාමිණි රණවිරුවාගේ මව එස්.ජී.ජුලියට් මහත්මිය ඇතුළු ඥාතිහූ එක්වූහ.

1991 ජුලි 13 වැනි දා අලිමංකඩ ඉදිරි ආරක්ෂක වළල්ල කඩා යුද හමුදා කඳවුර දෙසට පැමිණි ත්‍රස්තවාදීන්ගේ බුල්ඩෝසරයක් මතට හසලක ගාමිණි රණවිරුවා බෝම්බ සමග පැනීමෙන් එම බුල් ඩෝසරය විනාශ වූ අතර ඉන් අලිමංකඩ කඳවුරේ සිටි සෙබළුන් 1500 ක් පමණ දෙනාගේ ජීවිත බේරා ගැනීමට හැකි විය.