හැටන්-කොළඹ මාර්ගයට යළිත් ගල් පෙරැළීමේ අවදානමක්


(රංජිත් රාජපක්ෂ)                       

හැටන්-කොළඹ ඒ 7 ප්‍රධාන මාර්ගයට රම්පාදෙණිය බදුපොල ප්‍රදේශයේදී තවත් විශාල ගල් කිහිපයක් පෙරැළීමේ අවදානමක් පවතින බව නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරී කේ.ඩී.බී.ආර්.දේවප්‍රිය මහතා පැවසීය.
 
ආපදා කළමනාකරණ ඒකකය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භූ විද්‍යාඥයින් සමග ඒ පිළිබඳව ඊයේ (24) විමර්ශනයක් කළ බවත්, ප්‍රධාන මාර්ගයට පෙරැළීමේ අවදානමක් සහිත ගල් කඩා ඉවත් කර ස්ථිර විසඳුමක් ලබා දීමට කටයුතු කරන බවත් දේවප්‍රිය මහතා කියා සිටියේය.