හිම මිදුණු සීතලේ එට්නා කන්ද ගිනිගනී


(බී බී සී පුවත් ඇසුරිණි - 085)

ඉතාලියේ සිසිලි දූපතේ පිහිටි එට්නා ගිනි කන්දෙන් හදිසියේ ලාවා පිටවීමට පටන් ගැනීමත් සමග එහි ඡායාරූපගත කිරීමක් සඳහා ගොස් සිටි බී බී සී සේවයේ කණ්ඩායමක් සහ සංචාරකයන් පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ගිනි කන්දෙන් පිටවූ ගිනියම් ගල් කැබලි සහ දුම් වලට මැදි වීමෙන් 10දෙනකු පමණ තුවාල ලබා ඇති බවත් ආසන්නයේ තිබූ ආරක්ෂිත රථයකින් මෙම පිරිස ඉවත් කළ බවත් මුදවාගැනීමේ කණ්ඩායම් පවසති.

ගිනිකඳු පිපිරීම් අධ්‍යයනය කිරීමේ වැදගත්කම ගැන වාර්තා වැඩසටහනක් සකස් කිරීමට පිපිරීම සිදුවන අවස්ථාවේ එහි ගොස් සිටි බීබීසී විද්‍යා අංශයේ වාර්තාකාරිණියක වන රෙබෙකා මොරෙලි මහත්මිය පවසයි. එය ඇගේ ජීවිතයේ ලද භයානකම අත්දැකීම බව ද කියයි.

එට්නා ගිනි කන්ද යුරෝපයේ තිබෙන උසම ගිණි කන්ද වන අතර ලෝකයේ වඩාත්ම සක්‍රිය ගිනිකඳු වලින් එකකි.