හෙද- පරිපූරක-අතුරු වෛද්‍ය සේවා වර්ජනයක්


(දයාරත්න ඇඹෝගම)

අතිකාල කප්පාදුවට එරෙහිව සහ හිඟ අතිකාල නොගෙවිමට විරෝධය පළ කරමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෙද , පරිපුරක සේවා සහ අතුරු වෛද්‍ය සේවා නිලධාරිහූ අද (21) වැඩ වර්ජනයක නිරත වී සිටිති.

“සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අතිකාල කප්පාදු කිරිම සදහා චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.ඒ අතර 2015 වැඩිවු වැටුපට සමාන්තරව ලැබිය යුතු අතිකාල මුදලේ හිඟ මුදල් මෙතෙක් ගෙවා නැහැ.අනෙක් කාරණය අපට විතරක් ඇගිලි සලකුණු කිරිම අනිවාර්ය කර තිබෙනවා.වෛද්‍යවරුන්ට එම නිතිය නැහැ.එම නිසා මිට සාධාරණ විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලා හෙට(22) උදැසන 07 දක්වා අපි සේවයෙන් ඉවත්ව වර්ජනයේ නිරත වෙනවා.වකුගඩු රෝගී වාට්ටුව,සායන කටයුතු,පිළිකා,ළමා රෝග වාට්ටු සහ හදිසි ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරනවා. “යැයි රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති උදාන කුලතිලක මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ(වැ.බ) දුලාන් සමරවිර මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ වර්ජනයට හේතු වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඇගිළි සලකුණු කිරිම අනිවාර්ය කිරිම සහ හිඟ අතිකාල නොගෙවිම බවයි.

මේ හේතුවෙන් රෝගීහු මහත් අසිරුතාවට පත්ව සිටිති.