හෙද සංගමය සයිටම් විරෝධීන්ට විරෝධය පායි


(ඡායාරූප - ශාන්ත රත්නායක)

සයිටම් ආයතනයට විරුද්ධව උද්ඝෝෂණය කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළුවූ සරසවි සිසුන්ට විරුද්ධවත් සයිටම් ආයතනයට සහාය පළ කරමිනුත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද(27) කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට දී පැවැත්විණි.

එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය ඇතුළු පිරිසක් විරෝධතා පුවරු ඔසවාගෙන එහි උද්ඝෝෂණයේ නිරත වූහ.