හොඳම වාර්ෂික ගිණුම් වාර්තාව විශාඛාවෙන්


(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

අධ්‍යාපන අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය (aat) එක්ව සංවිදානය කළ ‘වසරේ හොඳම වාර්ෂික ගිණුම් වාර්තාව’ ඉදිරිපත් කළ පාසල තේරීමේ සමස්ත ලංකා තරගාවලියේ සම්මාන ප්‍රධානය  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අද(23) පැවැත්විණි.

මෙහිදී 2017 වසරේ හොඳම වාර්ෂික ගිණුම් වාර්තාව ඉදිරිපත් කළ පාසලට හිමි රන් සම්මානය කොළඹ විශාඛා විද්‍යාලයට හිමි වූ අතර රිදී සම්මානය ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයටත්, ලෝකඩ සම්මානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයටත් හිමි විය. අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි , ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ සභාපති ජේ.එම්.යු.බී.ජයසේකර , ලේකම් ඉන්ද්‍රක පී.ලියනගේ යන මහත්වරු ද මේ අවස්ථාවට එක් වුහ.